56 වන ජාතික හොකී ශූරතාවලිය ආරක්ෂක සේවා කණ්ඩායමට
1:09pm on Wednesday 21st November 2012
56 වන ජාතික හොකී ශූරතාවලිය ආරක්ෂක සේවා කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.ගෝල 05 -01 ලෙස  මාතලේ හොකී ක්‍රීඩා සමාජය පරදවමින් තියුණු ජයක් හිම කර ගැනීමට සමත් විය.

කෝප්‍රල් අබේරත්න ටී එම් එස් ඩී, කෝප්‍රල් පෙරේර එස් එස්, කෝප්‍රල් රත්නසිරි සී එම් ඩී එස්, නා.ගු.භ මුලාෆර් එම් එම්, නා.ගු.භ ගුනවර්දන කේ.පී.ටී අයි, නා.ගු.භ ආනන්ද වී ඒ ඩී කේ ගුවන් හමුදාව නියෝජනය කරමින් තරග වැදුනු අතර නා.ගු.භ මුලාෆර් අවසන් මහා තරගයේදී ගෝල 03 තම කණ්ඩායමට ලබා දීමට සමත් විය.

තවද මෙම කණ්ඩායම නියෝජනය කල ගුවන් භටයින් අතරින් කෝප්‍රල් අබේරත්න ටී එම් එස් ඩී, කෝප්‍රල් පෙරේර එස් එස්, කෝප්‍රල් රත්නසිරි සී එම් ඩී එස්, නා.ගු.භ මුලාෆර් එම් එම්, නා.ගු.භ ගුනවර්දන කේ.පී.ටී අයි දෝහා කටාර් හි පැවැත් වීමට නියමිත හොකී ශුරතාවලිය සදහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රි ලංකා සංචිතයට ඇතුලත් වීම විශේෂත්වයකි.







airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි