කිරිබත්ගොඩ පාපැදි සවාරියේ ජය ගුවන් හමුදාවට
5:07pm on Friday 30th November 2012
කිරිබත්ගොඩ තුරුණු සංවිධානය හා පාපැදි අතුරු කමිටුව සමග එක්ව සංවිධානය කරනු ලැබු කිරිබත්ගොඩ පාපැදි සවාරිය 2012 නොවැම්බර් මස 25 වන දින කිරිබත්ගොඩ නගරයෙන් ආරම්භ කරන ලදී. කි.මී 144 දුර ගෙවා අවසන් කල මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට ජිවන් ජයසිංහ දිනාගත් අතර දෙවන ස්ථානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් සුජිත් ද සිල්වා දිනාගැනීමට සමත් වීය.

මෙම තරගාවලියේ වේග කඩයිම් ශුරයා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් භට ජීවන් ජයසිංහ දිනාගත් අතර ජයග්‍රාහි පාපැදි කණ්ඩායම ලෙස ගුවන් හමුදා ඒ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

කෝප්‍රල්             සුජිත් ද සිල්වා
නා.ගු.භ             ජීවන් ජයසිංහ
නා.ගු.භ             නවීන් රුචිර
නා.ගු.භ             දිනේෂ් ධනුෂ්ක
නා.ගු.භ             බුද්ධීක වර්ණකුලසුරිය
ගුවන් භට          සමන්ත ලක්මාල්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි