52 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි
12:56pm on Friday 21st December 2012
චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් පසුගිය දෙසැම්බර් මස  10 වන දින විසිර ගියහ.
 
චිනවරාය සටන් පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සිවිල් ඉංගිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ සහභාගි විය.

තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් ක්මඩෝර් එස්.කේ පතිරන, නැගෙනහිර නාවික විධානයේ පුහුණු කපිතාන් , කපිතාන් එච්.ජී.යූ.ටී කුමාර යන මහත්වරුන්ද මේ අවස්තාවට එක් විය.

මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස සැපයුම් වෘත්තියෙන් සේවයේ නියුතු බලපන්ති සැරයන් පොන්නම්පෙරුම එම් සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස දන්ත තාක්ෂනවේදී වෘත්තියෙන් සේවයේ නියුතු කෝප්‍රල් අත්තනායක ඒ.ඒ.එස්.පී සම්මාන ලැබීය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි