පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං ක්‍රීඩ උළෙල
5:21pm on Wednesday 10th March 2010
පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං ක්‍රීඩ උළෙල

ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සංගමයේ ලේකම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස හා බොක්සිං ක්‍රීඩක පී. ඩී. සුරේෂ්, පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං ක්‍රීඩ උළෙලට සහභාගී වීමට අද (10 මාර්තු 2010) දිවයිනෙන් පිටත්ව ගියහ.

මාර්තු 10 දා සිට 18 වනදා දක්වා මෙම තරගාවලිය පැවෙත්වෙන අතර පී. ඩී. සුරේශ් සමග තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 03ක් තරගාවලියට සහභාගි වන අනෙකුත් රටවල් වන එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, මැලේසියාව, බංග්ලාදේශය, කෙන්යාව, සැමෝවා, සිංගප්පුරුව, කැනඩාව සහ සත්කාරක ඉන්දියාව සමග තරග වැදීමට නියමිතය.

තවද ගෲප් කපිතාන් නිශන්ත ධර්මදාස මහතා තරග තීරකවරයෙක් ලෙස ශ්‍රී ලංකා කණඩායම සමග ඉන්දියාව බලා පිටත් වන ලදී. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි