නව ශීෂ්‍ය නිලධාරින් ගුවන් හමුදාවේ දැත් ශක්තිමත් කිරීමට එක්වේ
8:59am on Saturday 19th January 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බදවාගන්නා ලද නව ශීෂ්‍ය නිලධාරි පුහුණු පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරින් සිය පුහුණුවීම් ආරම්භ කිරීමට ප්‍රථම ගුවන් හමුදා සම්ප්‍රධානුකූලව ගුවන් හමුදා නිතියට යටත්ව සේවය කිරීමට කැමති බවත් ගුවන් හමුදාවේ දියුණූව උදෙසා ක්‍රියාකරන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඉදිරියේ 2012 ජනවාරි මස 18 වන දින පෙරවරුවේ දිවුරුම් දෙන ලදී. ශීෂ්‍ය නිලධාරින් 33 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සදහා ශිෂ්‍ය නිලධාරිණියන් 08 ද ඇතුලත් වේ. මෙම දිවුරුම් දීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් හමුදා  ජේෂ්ඨ නිලධාරින්ද මේ අවස්ථාවට එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි