"විරු දරු දිරි තිලින" ශිෂ්‍යත්ව වැඩසටහන
2:52pm on Thursday 7th February 2013
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ මග පෙන්වීම යටතේ "විරු දරු දිරි තිලින" නම් වූ සුභ සාධන වැඩසටහන මගින් ගුවන් හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ පවුල් වල දරුවන් උදෙසා පාසල් නිල ඇදුම් බෙදා දීමේ වැඩසටහනක් 2013 ජනවාරී මස 31 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත් වින.

මෙම වැඩසටහන ගුවන් හමුදා විධායක පර්යේෂණ හා සංවර්ධන නිලධාරී එයාර් කොමඩෝර් ටී.ජී.ජේ අමරසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරනය කරනු ලැබූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට එක් විය.

Viru Daru Diri Thilina
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි