ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්
8:21pm on Thursday 11th March 2010
මීට වසරකට පමණ පෙර මොරවැව ජනතාව ගත කලේ යුධ බියෙන් පීඩිත වූ කාලයකි. කුරිරු ත්‍රස්ථවාදීන් තම දොරකඩට පැමිණ තමන් මරා දමන මොහොත කොයි මොහොතේ උදාවේදැයි අවිනිශ්චිත වූ හැඟුමින් ගතකල කාලයකි. එලෙස ගතකල අඳුරු යුගයේ නිමාව සනිටුහන් කරන්නට ආරක්ෂක අංශයන් සමත් කම් දැක්වීමම ඔවුන් ලද භාග්‍යයකි.

ඔවුන් වෙනුවෙන් අනාගත බලාපොරොත්තූන් ඇති කරන්නට සමත්වූවෝ වෙන කවුරුන්වත් නොව අභීත රණවිරුවන්ය. ත්‍රිවිධ හමුදාවෝය. මොරවැව ජනතාවගේ අනාගතය යථාර්තයක් කිරීමේ පළමු පියවර තබනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ගුවන් හමුදා පෙරාරු විශේෂ මෙහෙයුම් රාශි මූලය මෙම කාර්යයේදී නිරන්තරයෙන් ක්‍රියාත්මක වූ, මොරවැව ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කැපවී ක්‍රියකල කොට්ඨාශයකි.

එසේ ජනතාවගේ සුරක්ෂිතභාවය වර්ධනය කරත්දී ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මේ ජනතාවගේ සුභසාධන කටයුතු ඉටු කිරීමේ පුරෝගාමී විය. මොරවැව ජනතාවගේ අනාගතය යහපත් කරන්නට ඇප කැප වී ක්‍රියා කරන්නට විය.

දිවුල්වැව ප්‍රාදේශීය පාසල

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය නෙලුන් ගුණතිලක මහත්මිය විසින් කරන ලද ආරධනයකට අනුව පසුගිය වසරේ (2009 වසරේ) දී ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොශාන් ගුනතිලක මහත විසින් මෙම පාසල සඳහා මුල්ගල තබන ලදී. ත්‍රස්ථවාදීන් විසින් අත්පත් කොටගෙන තිබූ භූමියක ඉදිවෙමින් පවතින මෙම පාසල ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ කටයුතු කිරීම පෙරාරු විශේෂ මෙහෙයුම් රාශි මූලයේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් ලෙනා(ර්)ඩ් රොඩ්‍රිගෝ මහතා විසිනි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය, නෙලුන් ගුණතිලක මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිවෙන මෙම පාසල නවීන පහසුකම් වලින් පරිපූර්ණ වෙයි.   

ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්

නාමල් වත්ත පන්සල

මෙම පන්සල කුරිරු ත්‍රස්ථවාදීන්ගේ ප්‍රහාරයන් හේතුවෙන් විනාශයට පත් වුණු පන්සලකි. මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොශාන් ගුණතිලක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිවෙමින් පවතින අතර ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම පෙරාරු විශේෂ මෙහෙයුම් රාශි මූලයේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් ලෙනා(ර්)ඩ් රොඩ්‍රිගෝ මහතා විසින් සිදු කරනු ලබයි.

ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්
 
මොරවැව 10 කණුවේ පෙර පාසල

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී නෙලුන් ගුණතිලක මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම පෙර පාසල ඉදි කිරීමේ කටයුතු ආරම්භ විය.

සියලුම පහසුකම් වලින් සමන්විතව මෙම පෙර පාසල ඉදි කිරීමේ කටයුතු නිරීක්ශණයද පෙරාරු විශේෂ මෙහෙයුම් රාශි මූලයේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් ලෙනා(ර්)ඩ් රොඩ්‍රිගෝ මහතා විසින් සිදු කරනු ලබයි.

ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්ගුවන් හමුදාවෙන් මොරවැව ජනසමාජයේ අනාගතයට අත්වැලක්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි