ගිනි නිවීමේ සරඹයක් මහ බැංකු ගොඩනැගිල්ලේදී
3:50pm on Friday 15th February 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය හා කොළඹ ගිනි නිවීමේ ඒකකය හා එක්ව ගිනි නිවීමේ පෙරහුරු සරඹයක් 2013 පෙබරවාරි මස 15 වන දින මහ බැංකු ගොඩා නැගිල්ලේදී සිදු කරන ලදී.

මෙම නිදර්ශණය අතරතුර මුදවා ගැනීමේ ක්‍රමවේදයන් භාවිතා කරමින් ගුවන් හමුදා ගිණි නිවන භටයින් විසින් ඉහල සිටිනා පුද්ගලයින් බේරා ගැනීමේ විවිධ ක්‍රම වේදයන්ද අනුගමනය කරන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන ගිණි නිවාරණ භාර නිලධාරී ගෘප් කැප්ටන් පී එම් සී පී ඩයස් ගිනි නිවාරණ අංශ බාර නිලධාරී බලපංති ලුතිනන් ආර් සී එන් රන්නෙත්ති යන නිලධාරීන්ගේ මගපෙන්වීමෙන් සිදු කෙරුණු අතර මේ සඳහා ගිනි නිවීමේ භටයින් 35 දෙනෙකු පමණ සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි