අන්තර් ඒකක ඉවුම් පිහුම් තරගාවලිය
9:44am on Monday 4th March 2013
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ මග පෙන්වීම යටතේ සංවිධානය කල අන්තර් ඒකක ඉවුම් පිහුම් තරගාවලිය පසුගියදා සර්ථකව ගුවන් හමුදා කොලඹ  කදවුරු පරිශ්‍රයේදී නිමාවට පත් විය.ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සැගවුනු දක්ෂතාවයන් හදුනාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මෙහි ප්‍රධාන අමුතා ලෙස සහභාගි විය.

මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා කොලබ කදවුර සමත් වූ අතර ගුවන් හමුදා රත්මලාන කදවුර හා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුර පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.අලංකාර සැරසිලි වලින් යුත් කැම මේසය සදහා ගුවන් හමුදා කොලඹ කදවුර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සම්ත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි