අම්පාර ගුවන් ධාවනපථය ප්‍රථිසංස්කරණය කර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී
9:53pm on Monday 25th March 2013
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර කදවුර තුල ඇති ගුවන් ධාවන ප‍්‍රථය ප‍්‍රතිස්ංස්කරණය කළ අතර එය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබෙවික‍්‍රම මහතාගේ ආරාධනයෙන්  අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමා විසින් 2013 මාර්තු මස 22 වන දින විවෘත කරන ලදී.

මෙම ගුවන් ධාවන ප‍්‍රථය 1956 දී ගුවන් ප‍්‍රවාහන පහසුකම් සදහා බ‍්‍රිතාන්‍ය සමාගමක් විසින් ඉදිකළ අතර ගල්ඔය ගුවන් තොටුපල නමින් එය නම් කර සිවිල් ගුවන් ගමන් සදහා භාර දෙන ලදී.

80 දශකයේ රටතුල ත‍්‍රස්ථවාදය ආරම්භයත් සමගම මෙම ගුවන් ධාවන පථය ශ‍්‍රිලංකා ගුවන් හමුදාව වෙත විසින් භාර ගත් අතර 1989 වර්ෂයේදී මෙම ස්ථානයේ ගුවන් හමුදා පහිනාංකයක්ද ස්ථාපිත කළ අතර එහි පහිනාංක අණදෙන නිලධාරීයා වශයෙන් පියාසර නිළධාරී එච් ඒ  පේරුසිංහ පත් කරන ලදී.

 2013 දැයට කිරුල ප‍්‍රදර්ශණයට සමගාමීව මෙම ගුවන් ධාවන පථය නැවත ගොඩනැගීමේ කටයුතු  2012 දෙසැම්බර් මස 26 වන දින ආරම්භ කරන ලදී  මෙම ගුවන් ධාවන පථය  AN 32, Y – 12, 4R-HTO - MA 60 සහ වැනි ගුවන් යානා ගොඩබැස්සවීමට අවශ්‍ය සාධක වලින්ද සමන් විතය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි