එකමුතු පාපැදි ස්වාරියේ දෙවන අධියරේ ජය ගුවන් හමුදාවේ සුජිත් සිල්වාට
3:52pm on Friday 19th March 2010
තාරුණ්‍යට හෙටක් සංවිධානය මෙහෙය වීමෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා එකමුතු පපැදි සවාරියේ මහනුවර සිට කොළොඹ හරහා කළුතර දක්වා පැවති දෙවන අදියරේ ජය ගැනීමට ගුවන් හමුදා "ඒ" කණ්ඩායමේ සුජිත් සිල්වා සමත් විය.

අද (19 මාර්තු 2010)උදැසන මහනුවර ඔරලොඅසු කණුව ඉදිරිපිටින් ආරම්භ වූ මෙම අදියරේ මුළු දුර කි.මී. 150 විය. මෙම තරගයේ දෙවන ස්ථානය ගුවන් හමුදා "ඒ" කණඩායමේ ජීවන් ජයසිංහ සතු කරගත් අතර පස්වන ස්ථානය ගුවන් හමුදා "බී" කණඩායමේ අමල් සුරංගට හිමි විය. හෙට (20 මාර්තු 2010) තරගයේ තුන්වන අදියර ලෙස කළුතර සිට මාතර දක්වා කි.මී. 117.7 ක දුරක් තරග කරුවන් ධාවනයේ යෙදෙන අතර ගුවන් හමුදා පාපැදි කණ්ඩායමෙන් දැඩි අභියොඅගයක් තරග කරුවන්ට  ලැබෙනු නොඅ
නුමානය.

ස්ප්‍රින්ට් - නෙලුන්දෙනිය

 ජීවන් ජයසිංහ                    ගුවන් හමුදා "ඒ" කණ්ඩායම

ස්ප්‍රින්ට් - මොරටුව

වසන්ත හරිස්චන්ද්‍ර                 යුධ හමුදාව

දෙවන අදියරේ ජයග්‍රහකයෝ

01 - සුජිත් සිල්වා                        ගුවන් හමුදා "ඒ" කණ්ඩායම
02 - ජීවන් ජයසිංහ
                       ගුවන් හමුදා "ඒ" කණ්ඩායම
03 - ආසිරි                                   පැරගන් ක්‍රීඩා සමාජය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි