ගුවන් හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා වෙරල වොලිබෝල් ඉතිහාසයේ නව පිටුවක් පෙරලයි
2:00pm on Tuesday 9th April 2013
2013 අප්‍රේල් මස 08 වන දින සිට 16 වන දින දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත අසියානු වෙරල වොලිබෝල් ශුරතාවය සදහා ශ්‍රී ලන්කා ජාතික කණ්ඩායම සහභාගි වීමට නියමිතය.පිරිමි හා කාන්තා අංශ දෙකෙහිම ජාතික කණ්ඩායම් සම්පූර්නෙන්ම ගුවන් හමුදා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් විම් සුවිශේෂිශත්වයකි.පිරිමි කාන්තා පුහුණුකරුවන් දෙදෙනා හා සම්බාහකයින් ද ගුවන් හමුදාවේ වීම මෙහි කැපීපෙනෙන කරුනකි.

මේ සදහා ගුවන් හමුදා ක්‍රීඩකයින් පසුගිය කාලයේ හා මැත භාගයේ පැවති සියලුම තරග ජයග්‍රහනය කිරීම මෙම තරගාවලියට සුදුසුකම් ලැබීමට හෙතු වූ අතර මේ සදහා කනිෂ්ඨ,ජේෂ්ඨ වෙරල වොලිබෝල් ශුරතාවයන් හා ආරුගම්බේ හිදී පැවති ජාතික වෙරල වොලිබෝල් ශුරතාවය ඉවහල් විය.

තනි සංවිධානයක ක්‍රීඩකයින් විසින් තරගාවලියක් සදහා නියෝජනය කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූවකි.

තරගාවලිය සදහා සහභාගි වන ගුවන් හමුදා සංචිතය

පිරිමි කණ්ඩායම
සැරයන්   පුබුදු ඒකනායක
සැරයන්   අසන්ක ප්‍රදීප්
නා.ගු.භ   සමීර රහ්ට්නපාල
ගුවන් භට    අශේන් ජීවන්ත

කාන්තා කණ්ඩායම
කෝප්‍රල්    ගීතිකා ගුනවර්දන
නා.ගු.භ   දිනේශා ප්‍රසාදිනි
නා.ගු.භ    රුවනි තාක්ශිලා
ගුවන් භට     බී.ඒ.එස් ප්‍රියදර්ශනි

පුහුනුකරු (පිරිමී
බ/සැරයන්    ප්‍රසන්න උදයකුමාර

පුහුනුකරු (කාන්තා)
සැරයන්    දම්මික සිල්වා

සම්බාහනකරු
සැරයන්    ශිරාන් ප්‍රනාන්දු   
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි