රට දැය රැකුමට තවත් ආධුනික සෙබළුන් රැසක් චීන වරාය කදවුරින් විසිර යයි
10:33am on Thursday 11th April 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ  පුහුණුව ලැබූ අංක 154 නිත්‍ය ආධුනික ගුවන්භට පාඨමාලාවේ ආධුනික ගුවන් භටයින් 220 දෙනෙක් විසිර යාමේ පෙළපාළි උත්සවය 2013 අප්‍රේල් මස 08 වන දින කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණ.මෙහිදී සරඹ, අවි පුහුණුව, යුධ උපක්‍රම, සිතියම් කියවීම, ක්ෂේත්‍ර ශිල්පය, ගිනි නිවාරණය, පුපුරන ද්‍රව්‍ය පරිහරනය, මානව හිමිකම් පිළිබඳ නීතිය, ගුවන් හමුදා නීතිය හා ප්‍රථමාධාර යන අංශයන් ඔස්සේ දැණුම ලබා දීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් කේ.වී.බී ජයම්පති මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් මහතා ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක් විය.තවද චීන වරාය විධ්‍යාපීඨයේ පීඨාධිපති එයර්‍ර කොමඩෝර් එස්.කේ පතිරන ඇතුළු තවත් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.පෙළපාළියේ අණදෙන්නා ලෙස චීන වරාය සටන් පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් එම්.එල්.වී ගුණවර්ධන කටයුතු කරන ලදී.

විශේෂ දක්ෂ්තා දැක්වූ ආධුනික ගුවන් භටයින් පහත සදහන් වේ

දක්ෂතම ඇදුනික ගුවන් භටයා

TA 30817  ගුවන් භට ඉලන්දර IMW

සරඹ අතින් දක්ෂතම ඇදුනික ගුවන් භටයා
TA 30723  ගුවන් භට  ජයසිංහ  GKMM

දක්ෂතම වෙඩික්කෞ
TA 29972  ගුවන් භට  ඵෙරේරා AAS

ශාරීරික යෝග්‍යතාවය අතින් දක්ෂතම ඇදුනික ගුවන් භටයා               
TA 30925    ගුවන් භට  අබේවික්‍රම AJBAM

දක්ෂතම මැරතන් ධාවකයා
TA 30906  ගුවන් භට  බන්ඩාර KGK



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි