ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය
Sigiriya Base HQ

1942 වර්ෂයේදී සීගිරිය කඳවුර රාජකීය ගුවන් හමුදාව මගින් දෙවන ලෝක යුද්ධ සමයේදී මුලින්ම ස්ථාපිත කරන ලදී. පසුව මෙම කඳවුරෙහි අවශ්‍යතාවයක් නොතිබුනු අතර දෙවන ලෝක යුද්ධ සමයෙන් අනතුරුව 1946 වර්ෂයේ සිට මෙම කඳවුර අතහැර දමන ලදී.

1985 අප්‍රේල් මස 19වන දින මෙම කඳවුර නැවත ආරම්භ කරන ලද්දේ එවකට සිටි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ඩී සී පෙරේරා මැති තුමාගේ මූලිකත්වයෙනි ඒ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ගරු ලලිත් ඇතුලත්මුදලි මැති තුමාගේ ප්‍රධානත්වයෙනි.

උපකරණ සහිත සාමානෘ හා සැහැල්ලු ප්‍රවාහණ ගුවන් යානා ක්‍රියාවන් සඳහා පහසුකම් සපයා ඇති මෙම කඳවුරෙහි  වානිජමය ගුවන් ගමන් පහසුකම්ද සපයා දෙනු ලැබේ. එයා සීගිරිය පර්වතය නැරඹීමට පැමිනෙන බොහෝ දෙස් විදෙස් සංචාරකයින් සඳහා මහත් ප්‍රයෝජනවත් කාර්ය්‍යයකි.

සුළු හා විශාල ප්‍රමාණයේ වැඩ සටහන් කිහිපයක් මෙම කඳවුර තුල ක්‍රියාත්මක වන අතර එමගින් සාමාන්‍ය පුරවැසියන් සඳහා රැකියා අවස්ථාද සැපයේ. එනම්


කළුගල් ව්‍යාපෘති
කම්බි කණු ව්‍යාපෘති
බ්ලොක් ගල් ව්‍යාපෘති

තවද කෘෂිකාර්මික ගොවිපලක්ද පැවැත්වෙන අතර එමගින් ගුවන් හමුදා පුද්ගලයින් හට එළවළු සපයුනු ලැබේ.

බෝම්බ නිෂ්ක්‍රිය පුහුණු පාසලද මෙම කඳවුර තුල ස්ථාපිත කර ඇති අතර එමගින් සියළුම හමුදාවන්ට සහ පොලීසියටද පුහුණුවීම් ලබා දෙනු ලැබේ.
බෝම්බ නිෂ්කක්‍රිය පාඨමාලාවෙලි විෂයන්
මූලික පුහුණු පාඨමාලාව හා ප්‍රථිසිහිකිරීම පාඨමාලාවන්
නිලධාරී දැණුවත් කිරීමේ පාඨමාලාවන්
ගුවන් කාන්තා පුහුණු කිරීමේ පාඨමාලා
බෝම්බ නිෂ්ක්‍රිය උසස් පාඨමාලාව

 

1980 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුලදී පාඨමාලන් 80 පමණ පවත්වා ඇත.

 

සීගිරිය කදවුරේ අණ දෙන නිලධාරී විං කමාන්ඩර් සී පී ගුණතිලක

 

ලිපිනය
විං කමාන්ඩර් සී පී ගණතිලක
අණ දෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සීගිරිය


දුරකථන
+94 11 2441044, 249549, +94 11 066-2284725

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි