නිළධාරීන් සදහා වූ දෙවන ගුවන් ගමන් ආරක්‍ෂාව පිළිබද වැඩමුළුව
11:47am on Friday 15th December 2017
2017 වර්ෂයේ නිළධාරීන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්‍ෂාව පිළිබද දෙවන වැඩමුළුව 2017 දෙසැම්බර් මස 01 වන දින රත්මලාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පරිශ‍්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩමුළුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ගමන් ආරක්‍ෂක ඒකකය මගින් සංවිධානය කරන ලද අතර නිළධාරීන් විසින් ගුවන් මෙහෙයුම් සදහා සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වීමේදී ආරක්‍ෂාව පිළිබදව දැනුවත්ව සිටීම පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදී. 2017 නොවැම්බර් මස 27 වන දින ආරම්භ කරන ලද මෙම වැඩමුළුව සදහා අංශයන් දහයක් යටතේ නිළධාරීන් 20 දෙනෙකු සහභාගී වූහ. එසේම වෛද්‍ය අංශයෙන් නිළධාරියෙකු මෙම වුඩමුළුව සඳහා සහභාගී වූ ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙහිදී සුදුසුකම් ලත් ගුවන් හමුදා සාමාජිකයින් විෂයපථයන් දහයක් යටතේ සිය දැනුම වැඩමුළුව හා සම්බන්ධ වූ සාමාජිකයින් හට ලබා දෙන ලදි. විංග් කමාන්ඩර් සීජේ හෙට්ටිආරච්චි විසින් ද්‍රව්‍ය සාධකය පිළිබඳවද, විංග් කමාන්ඩර් ආර්එස් තිරානගම විසින් සීආර්එම් පිළිබඳවද, විංග් කමාන්ඩර් වීජීපී මහානාම විසින් ආරක්‍ෂණ වැඩසටහන් කළමණාකරණය පිළිබදව දේශන පවත්වන ලදී. එසේම, ගිනි නිවාරණය පිළිබදව විංග් කමාණ්ඩර් ඩබ්එම්ඒ කුමාරසිරි විසින්ද ගුවන්යානා අනතුරු විමර්ෂනය සහ මානව සාදක පිළිබදව විංග් කමාන්ඩර් ඩබ්ඒඩීසී විජේසිංහ විසින්ද ගුවන්සේවා කාර්්‍ය සාධනය පිළිබඳව විංග් කමාන්ඩර් ජීඑස්එස් පෙරේරා සහ ස්කොඩ්රන් ලීඩර් ඊඑම්සීඑල් ඒකනායක විසින්ද බෑෂ් පිළිබඳව විංග් කමාන්ඩර් කේඑච්ඩීපී කසගල විසින් සහ ගුවන් ගමන් පාලක පිළිබඳව ස්කොඩ්රන් ලීඩර් ඩීඑල්ජේආර්කේ දොඩම්ගොඩ විසින් දේශන මෙහෙයවන ලදී.

වැඩමුළුව සදහා සහභාගී වූවන් සදහා සහතිකපත් ප‍්‍රධානය කිරීම විධායක ගුවන් ආරක්‍ෂණ නිළධාරී එයාර් කොමඩෝර් ආර්පී ලියනගමගේ විසින් සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි