ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්වීමේ සහ ආධුනිකයින්ගේ විසිරයාමේ පෙළපාලියක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී
10:36am on Saturday 16th December 2017
ශ‍්‍රී ලාංකීය ගුවන සුරැුකීමේ කාර්යයට සිය දායකත්වය දැක්වීමේ අභිප‍්‍රායෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ අංක 57 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව හා අංක. 30 වන කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලීය කෙඩෙට් නිලධාරි පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිණියන් 40 දෙනෙකු අධිකාරියට පත් කිරීම සහ පියාසර නිල ලාංජන පැළඳවීම මෙන්ම අංක 165 වන නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 35 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව 128 වන ස්ෙවිඡු්ඡුා ගුවන් භට පාඨමාලාව 10 වන ස්ෙවිඡු්ඡුා ගුවන් කාන්තා පාඨමාලාව අංක 33 ඉදුරාම බදවා ගැනිමේ ගුවන් භට ගුවන් කාන්තා පාඨමාලාවන් සාර්ථකව හැදෑරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 765 දෙනෙකුගේ අභිමානවත් විසිරයාමේ පෙළපාලියක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී අද (2017 දෙසැම්බර් 14 වන* දින පවත්වන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ආරාධනයකට අනුව මෙම විසිරයාමේ පෙළපාලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දිය ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනෝආ මහතා සහභාගි වු අතර ඉන්දිය ගුවන් හමුදා ප‍්‍රධානියෙකු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිළධාරින් අධිකාරියට පත්කිරිම සඳහා සහභාගීවූ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම අභිමානවත් අවස්ථාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයට එක්වනු ඇත.
මෙම විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිළධාරී ලෙස ගෲප් කැප්ටන් හියුමාල් ධර්මදාස  කටයුතු කරනු ලැබු අතර අංක 57 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාවෙහි කෙඩෙට් නිලධාරීන් 04 දෙනෙකු හා 30 වන කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලීය කෙඩෙට් නිලධාරී පාඨමාලාවෙහි කැඩෙට් නිලධාරීන් 02 නෙකු හට පියාසර නිල ලාංජන පැළඳවීම ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානීතුමන් විසින් සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, චීන වරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් සහ පොලින් නිළධාරීන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් විසින් වසර තුනක පමණ කාලයක පුහුණු පාඨමාලාවක් හදාරා ඇති අතර ගුවන් භටයන් සහ ගුවන් කාන්තාවන් සති 20 ක පමණ ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාවක් හදාරන ලදී.

මෙම විසිරයාමේ පෙලපාලිය අභිමානවත් බවක් එක්කරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගයේ පීටී6 වර්ගයේ නියමු පුහුණු ගුවන් යානා උපයෝගී කරගනිමින් ගුවන් කරනම් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා තූර්්‍ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එක්ව විචිත‍්‍රවත් සරඹ සංදර්ශනයක්ද ලකඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කල අතර ආධුනික ගුවන් භටයින් විසින් ඔවුන් පුහුණුවන ලද අත්දැකීම් උපයෝගී කර ගනිමින් සතුරු කදවුරු වලට ප‍්‍රහාරයක් දියත් කරන ආකාරයේ කි‍්‍රයාදාම සංදර්ශනයක්ද ඉදිරිපත් කරන ලදී.

මෙම පාඨමාලාවන්හී සුවිශේෂී දක්ෂතා දැක්වූ කෙඩෙට් නිළධාරී/නිළධාරිණියන් හා ආධුනික ගුවන්භට ගුවන් කාන්තාවන් හට විශේෂ සම්මාන ප‍්‍රදානය කරන ලදී.

අංක 57 කෙඩෙට් නිළධාරි පාඨමාලාවේ ත්‍යාගලාභීන්
දක්ෂතම කෙඩෙට් නිළධාරී - පයිලට් ඔෆිසර් රොදගු ටී එම් ටී ආර්
දක්ෂතම ගුවන් නියමු කෙඩෙට් නිළධාරී - පයිලට් ඔෆිසර් ඩබ්එස්ඒඩබ්ආර්එස්එන්එස් රත්වත්ත
දක්ෂතම පරිපාලන රෙජිමේන්තු කෙඩෙට් නිළධාරී - පයිලට් ඔෆිසර් එස් ටී ධනංජය
දක්ෂතම ගුවන් මෙහෙයුම් කෙඩෙට් නිළධාරී - පයිලට් ඔෆිසර් ඒස් එන් ජයසිංහ

අංක 165 ආධුනික නිත්‍ය ගුවන් භට පාඨමාලාව අංක 35 ආධුනික නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාව අංක 128 ස්වේච්ජා ගුවන් භට පාඨමාලාව අංක 10 ස්වේච්ජා ගුවන් කාන්තා පාඨමාලාව අංක 33 ඉඳුරාම බදවා ගැනිෙමි ගුවන් භට ගුවන් කාන්තා පාඨමාලාවන්හි  ත්‍යාගලාභීන්

සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා - ආධුනික ගුවන් භට නයනප‍්‍රිය ආර් ඒ ඩී
සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව - ආධුනික ගුවන් කාන්තා නේලකා එම් ඩී පී
දක්ෂතම ශිෂ්‍යයා - ආධුනික ගුවන් භට බණ්ඩාර ආර් එම් ජේ ඩී
දක්ෂතම ශිෂ්‍යයාව- ආධුනික ගුවන් කාන්තා ෆොන්සේකා සී එම්
සරඹ අතින් දක්ෂතම ගුවන්භටයා - ආධුනික ගුවන් භට රත්නායක එච් එම් එස් කේ
සරඹ අතින් දක්ෂතම ගුවන් කාන්තාව -- ආධුනික ගුවන් කාන්තා රාජපක්ෂ ආර් අයි එන්
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් භටයා - ආධුනික ගුවන් භට ශම්මික එච් එම් එස්
දක්ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි ගුවන් කාන්තාව - ආධුනික ගුවන් කාන්තා දිල්රුක්ෂි ඒ එස් එච්
දක්ෂතම වෙඩික්කරු - ආධුනික ගුවන් භට විජේරත්න ජේ ජී එස් එල්
දක්ෂතම වෙඩික්කාරිය - ආධුනික ගුවන් කාන්තා විජේතුංග ඩබ් එම් එස් ආර්

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි