අංක 72 අධිකාරී නොලත් නිළධාරීන්ගේ සිංහල මාධ්‍ය හා අංක 01 ඉංග‍්‍රීසි මාධ්‍ය කළමණාකරණ පාඨමාලාවන්හි සහතිකපත් ප්‍රධානෝත්සවය
10:08am on Sunday 24th December 2017
අංක 72 අධිකාරී නොලත් නිළධාරීන්ගේ සිංහල මාධ්‍ය කළමණාකරන පාඨමාලාවේ සහ අංක 01 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2017 දෙසැම්බර් මස 22 වන දින චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ දි පවත්වන ලදී. උප විධායක මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ද සොයිසා මහතා  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර  එක් එක් පක්ෂාංගයන්හි අණදෙන නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වන්නේ හමුදා නිලධාරින් තුළ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමල ශබ්ද අධ්‍යයනය සහ කළමනාකරණ දැනුම පරිවර්තනය කිරීමයි. සති 11 ක කාලයක් පුරා දිවෙන මෙම පාඨමාලාව රජරට විශ්ව විද්යා‍ලයට අනුබද්ධ වන අතර සුදුසුකම් ලබන සියලුම අධිකාරී නොලත් නිලධාරීන් හට කළමනාකරණ සහතිකයක් මෙහිදී ප්‍රධානය කරනු ලැබයි.

මෙහිදී මෙම අංක 72 අධිකාරී නොලත් නිළධාරීන්ගේ සිංහල මාධ්‍ය කළමණාකරන පාඨමාලාවේ සහ අංක 01 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලව සාර්ථකව අවසන් කල ශ්‍රී ලංකා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 39 දෙනෙක්, කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 43 දෙනෙක්, යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් දෙදෙනෙකු සහ නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිළධාරින් දෙදෙනෙකු ද ආදී වශයෙන් අධිකාරී නොලත් නිලධාරීන් 86 දෙනෙකු හට සහතික පත් ප්‍රදානය කරන ලදී.

25490 බලපන්ති සැරයන් ගුණවර්ධන ජීඑස්එස්කේ  විසින් සෑම අතින්ම දක්ෂතම ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානයත් ඉංග‍්‍රීසි මාධ්‍යන් සෑම අතින්ම දක්ෂතම ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානය 29491  සැරයන් සුබසිංහ එස්එම්කේජීඑම්එල්බී හිමි කරගත් අතර 29819 කෝප්‍රල් ලියනගේ  ටීඑස්  විසින් සෑම අතින්ම දක්ෂතම කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියාට හිමි සම්මානයත් දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි