ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරෙන් ප‍්‍රජා සත්කාර වැඩසටහනක්
12:17pm on Sunday 24th December 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාජිකයන් විසින් නත්තල් උත්සවයට සමගාමීව 2017 දෙසැම්බර් මස 21 වන දින බඩල්ගම පිහිටි "Welcome Village" වැඩිහිටි නිවාසයෙහි පිරිසිදු කිරීමේ වැඩසටහනක් හා දානමය වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන ලදී. මෙම වැඩිහිටි නිවාසයෙහි වැඩිහිටි පුද්ගලයින්  180  පමණ නේවාසික පහසුකම් සලසනු ලබයි.

ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ, කටුනායක ගුවන් හමුදා රෝහල් අණදෙන නිළධාරී ගෲප් කපිතාන් අබේසේකර,  නිළධාරීන්, සිසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි