දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවාඩු නිකේතනය සහ පිහිනුම් තටාකය විවෘත කෙරේ
1:36pm on Tuesday 2nd January 2018
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවාඩු නිකේතනය සහ පිහිනුම් තටාකය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2017 දෙසැම්බර් මස 30 වන දින සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.

අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවාඩු නිකේතනය සියළු පහසුකම් වලින් සමන්විත නිදන කාමර 3 කින් යුක්ත වෙයි. පිහිනුම් තටාකය මීටර් 25 ක දිගින් යුක්ත වෙයි. දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්්පීඩී ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

නිවාඩු නිකේතනය


පිහිනුම් තටාකය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි