වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කෙරේ
3:00pm on Tuesday 2nd January 2018
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල ගුවන් හමුදා කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීම 2017 දෙසැම්බර් මස 30 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් සිදු කරන ලදී. මෙහිදී පිහිනුම් නර්තනයක් සහ පිහිනුම් අංග කිහිපයක්ද ඉදිරපති කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් රුචිර සමරසිංහ, වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් අශෝක වරකාංග, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි