ආපදා කළමණාකරන අවස්ථා සඳහා පුහුනු සුනඛයන් හා කි‍්‍රයාකිරීමේ සහතික පත‍්‍ර පාඨමාලාවේ සහතිකපත් ප‍්‍රධානය
12:38pm on Wednesday 17th January 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු සුනඛ ඒකකය මගින් සංවිධානය කල  ආපදා කළමණාකරන අවස්ථා සඳහා පුහුනු සුනඛයන් හා කි‍්‍රයාකිරීමේ සහතික පත‍්‍ර පාඨමාලාවේ සහතිකපත් ප‍්‍රධානොත්සවය පසුගිය ජනවාරි මස 12 වන දින ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුරු අනදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා අතින් සිදුවිය. මෙම අවස්ථාවට ගුවන් සුනඛ පක්ෂාංග අනදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී පී එච්  පින්නගොඩ ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාවේ ප‍්‍රධාන අරමුණ වූයේ රටේ ඇතිවන ආපදා තත්වයන් වලදී සිවිල් වැසියන්ගේ ජන ජීවිතයන්ට සිදුවන අනතුරු වලදී ඔවුන් ගලවා ගැනීමට හා ආරක්ෂා කිරීමයි. මෙහිදී සති 24 ක පුහුණු කාල සීමාවක්  ආවර්නය කල අතර ගුවන් සුනඛයන් හා සුනඛ පාලක ගුවන් භටයන් 05 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිමා කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි