ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික සුහද හමුව සහ ළමා සාදය
10:46am on Monday 22nd January 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික සුහද හමුව සහ ළමා සාදය 2018 ජනවාරි මස 19 වන දින කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොලඹ ගුවන් හමුදා කඳවුරේ සාමාජික සාමාජිකාවන්ගේ සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මැජික් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, ළමුන් සඳහා වූ ක‍්‍රීඩා තරඟ, ජල ක‍්‍රීඩා ඇතුළු විනෝදාත්මක අංග රාශියකින් සමන්විතව එදින සවස 1500 පැයට පමණ වැඩසටහන් මාලාව ආරම්භ කරන ලදී. ක්ෂණික ආහාර වෙළඳසැල් සහ නත්තල් සීයාගේ පැමිණිමද මේ අතර සිදු විය. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්ගේ බිරිඳ වන ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ පැමිණීමත් සමග ළමා සාදයේ ආරම්භය සනිටහන් විය.

වාර්ෂික සුහද හමුවද එදිනම සවස පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධීත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්වූහ. කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

අලංකාරමත් සංගීත සංදර්ශනයක්ද සංවිධානය කොට තිබිණි. එසේම එහිදී විචිත‍්‍රවත් මල්වෙඩි සංදර්ශනයක් පවත්වන ලද අතර පුන්සිරි සොයිසා, ශශිකා නිසංසලා, චන්ද‍්‍රසේන හෙට්ටිආරච්චි, බලපන්ති සැරයන් ඉමාලි පතිරණ සහ සැරයන් තුෂානි පෙරේරා ඇතුලු ගායක ගායිකාවන් රැසක් මෙහිදී ගීතවත් විය.





 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි