පාපන්දු ලෝක කුසලානය නැරඹීමට ගුවන් හමුදාධිපතිතුමන් එක්වෙයි
3:50pm on Sunday 28th January 2018
ලෝක ක‍්‍රීඩා අතරින් වඩාත්ම ජනප‍්‍රියම ක‍්‍රිඩාව වන පාපන්දු ක‍්‍රිඩාව වෙනුවෙන් 2018 පාපන්දු ලෝක කුසලානය සඳහා කුසලානය රුසියාවට ආපසු රැුගෙන යාමට පෙර කොකා කෝලා සමාගම විසින් එය ලොව පුරා ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංචාරය කරනු ලබයි. 

කොකා කෝලා සමගම සිව්වන වතාවට 2018 පාපන්දු ලෝක කුසලානය සඳහා සිය අනුග‍්‍රාහකත්වය දක්වනු ලබන අතර ලොව ජනප‍්‍රියතම ක‍්‍රිඩාවේ ලෝක කුසලාන ලොව පුරා විසිරී සිටින පාපන්දු ලෝලීන් හට දැක බලා ගැනීම උදෙසා මෙලෙස සංචාරය කරනු ලබයි.

මෙවර පාපන්දු ලෝක කුසලානය අයිස්ලන්තය, මොන්ගෝලියාව ඇතුළු රටවල් රාශියක ප‍්‍රථම වතාවට සංචාරය කරනු ලබන අතර අන් වතාවන්ට සාපේක්‍ෂව වැඩි රටවල් ගණනක සංචාරය කරනු ලබයි.

මීලඟ මාස කිහිපය තුළදී කොකා කෝලා විසින් සංවිධානය කෙරෙන ෆිෆා පාපන්දු ලෝක කුසලාන සංචාරය මහාද්වීප 06 ක රටවල් 51ක පමණ නගර 91 කට වඩා වැඩි ප‍්‍රමාණයක සංචාරය කිරීමට නියමිතය.

එම සංචාරයේ ශ‍්‍රී ලංකා සංචාරය ලෙස ජනවාරි මස 23 සහ 24 දිනයන්හිදී කුසලානය කොළඹ නගරයේ ප‍්‍රදර්ශනය කරනු ලබන අතර, 2018 ජනවාරි මස 23 වන දින කොළඹ ශැන්ග‍්‍රි-ලා හෝටලයේදී කුසලානය නිරාවරණය කිරීමේ උත්සවයට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී විය. එසේම ජනවාරි මස 24 වන දින කොළඹ නිදහස් චතුරශ‍්‍ර භූමියේ මහජන ප‍්‍රදර්ශනයට විවෘත කිරීම සඳහාද ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී විය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි