70 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පුහණුවීම් ඇරඹේ
11:29am on Friday 2nd February 2018
වසර සිය ගණනක් යටත් විජිතයක්ව පැවති ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීම වෙනුවෙන් සිදු කරන ලද නිර්භීත අරගලයේ සාර්ථක ප‍්‍රථිඵලයක් ලෙස අත්පත්කරගත් අභිමානවත් නිදහස සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 70 වන නිදහස් දින සැමරුම් පෙළපාලිය 2018 පෙබරවාරි මස 04 වන දින ගාලු මුවදොර පිටියේදී පැවැතවීමට නියමිත වෙයි.

අනෙකුත් වර්ෂයන්හිදී මෙන්ම මෙවරද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නිදහස් දින සැමරුම් පෙළපාලියට සිය දායක්වය සපයනු ලබයි. එහිදී ගුවන් හමුදා නිළධාරීන් 47 දෙනෙකු ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 867 දෙනෙකු  අතිගරු ජනාධිපතිතුමන් හට සිය උත්තමාචාරය පුදකරනු ලැබේ.

නිදහස් දින සැමරුම් පෙළපාලි පුහුණුවීම් 2018 පෙබරවාරි මස 01 වන දින පවත්වන ලදී. එම පෙළපාලි නිරීක්‍ෂණය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී වූ අතර ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි