සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්
3:47pm on Monday 5th February 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති කපිල ජයම්පති මහතා හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ගේ ප‍්‍රධානත්වයෙන්  රෝද පුටු පරිත්‍යාග කිරීමක් 2018 පෙබරවාරි  මස 02 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී. මෙම පරිත්‍යාගය සඳහා LOLC PLC  සමාගම විසින් අනුග‍්‍රහය දක්වන ලදී.

මෙහිදී සැරයන් රත්නායක ආර් එච් එන් ආර් ගේ මවටද, නායක ගුවන්භට ජයකොඩි ජේ ඒ ඩී සී ගේ පියාට  හා නායක ගුවන්භට කි‍්‍රෂ්න කුමාර ටී එම් ගේ සහෝදරියන් දෙදෙනෙකුටද මෙමෙ පරිත්‍යාගයන් හිමිවන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි