ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය
1:58pm on Tuesday 20th February 2018
ක්‍රිඩාව තුලින් මිත්‍රත්වය යන්න තේමා පාඨය කරගත් ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය 1948 වසරේ පෙබරවාරි 18 වන දින ආරමිභ කර ඇති අතර මෙි වන විට එය ලෝකයේ විශාලතම බහුවිධ සංවිධානයක් ලෙස හැදින්විය හැක.

මෙම (සී අයි එස් එම්) සංවිධානයේ මහ ලේකමි කාර්යාලය ඛෙල්ජියම් අග නගරය වන බ්‍රසීලයෙහි පිහිටා ඇත. මෙම මහ ලේකමි කාර්යාලය කළමනාකාරීත්වය යටතේ රටවල් 133 ක සන්නද්ධ හමුදාවක් සාමාජිකත්වය දරණ අතර විවිධ වූ ක්‍රීඩා අවස්ථාවන් සංවිධානය කිරීම මෙමගින් සිදු කරයි. පෙර අවස්ථාවන් වලදී සටන් බිමේ හමුවූ ඔවුන් මෙම (සී අයි එස් එම්) සංවිධානය යටතේ මිත්‍රත්වයෙන් ක්‍රීඩා පිටියේදී එකිනෙකා හමුවේ.

 මෙම (සී අයි එස් එම්) සංවිධානයේ මුලික අරමුණ වනුයේ ක්‍රීඩාව තුලින් ලෝක සන්නද්ධ හමුදාවන්ගේ එකමුතු බව  ඇතිකර  ලෝක සාමය සදහා දායක විමයි. සෑම වසරකම පෙබරවාරි මස 18 වන දින ලොව පුරා මෙය සමරන අතර (සී අයි එස් එම්) සැමරුමි ධාවනය මගින් ලෝකයට එහි තේමා පාඨය වන  ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය යන්නෙහි අර්ථය ලොවට කියාපායි.
 
(සී අයි එස් එම්) සංවිධානය එහි ආරමිභයේ සිටම සාමය සදහා ක්‍රිඩාවන් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාකරකමි සිදු කරන ලදී. මිත්‍රත්වය ගරුකිරිම ඉවසිම අන්‍යයෝන්‍යය අවබෝධය වර්ධනය කිරිමද මෙමගින් සිදු කරයි.
 
2018 වසරේ ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල දින ධාවනය පෙබරවාරි මස 18 වන  දින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටිෙයන්  ආරමිභ විය. මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න, යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ද සහභාගී වූ අතර ධාවනයහි සමිපුර්ණ දුර කිලෝ මිටර් 2 කි.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි