ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සර සැමරුම් ප‍්‍රදර්ශනය සහ ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්චාවක්
4:55pm on Thursday 22nd February 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සර සැමරුම් ප‍්‍රදර්ශනය සහ 19 වන ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (2018 පෙබරවාරි මස 22 ) වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය 2018 මාර්තු මස 2 වන දින සමරනු ලබයි. මාර්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා අමිපාර ගුවන් හමුදා කඳවුරේදි "AIR FORCE DAY", ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය පැවැත්වීමට නියමිතව ඇති අතර ගුවන් හමුදාධිපතිතුමන්ගේ අනුදැනුම පරිදි මෙම ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය මහජනතාව හට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දි ඇත.

ප‍්‍රදර්ශනය හා සැණකෙලිය තුලින් ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන සංදර්ශන, සරඹ සංදර්ශන, සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියමිත වේ. මෙම සංදර්ශනය සහ සැණකෙලිය දිනපතා සවස 02.00 ට ආරම්භ කරන අතර රාති‍්‍ර 11.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සහ ශී‍්‍ර ලංකා පාපැදි සමිමෙිලනය සමග එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරියේ ප‍්‍රධාන අරමුණ වන්නේ, පාපැදි තරග ශී‍්‍ර ලංකාව තුල ව්‍යාප්ත කිරීම හා පාපැදි තරගකරුවන් අතර තරගකාරීත්වය ඇතිකිරීම  වන අතර, මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති වලට අනුව  පවත්වනු  ලබයි. මෙවර පාපැදි සවාරිය සඳහා තරඟකරුවන් 100 කට අධික ප‍්‍රමාණයක් සහ තරඟකාරිනියන් 30 ක් පමණ සහභාගී වීමට නියමිත වෙයි. මෙවර පිරිමි තරඟය කොළඹින් ආරම්භ වී පුත්තලම, හිඟුරක්ගොඩ, පොලොන්නරුව, මඩකලපුව හරහා අම්පාර තරුණ සේවා මද්‍යස්ථානය අසලින් අවසන් වන අතර එහි සමස්ථ දුර ප‍්‍රමාණය කි.මී 447.4 ක් පමණ වෙයි.

තරඟයේ ත්‍යාග ප‍්‍රදානෝතසවය 2018 මාර්තු මස 04 වන දින සවස 1830 පැයට අම්පාර ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වෙයි.

ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක සහ 67 වන සංවත්සර සමරුම් සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ, සැපයුම් අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය, 67 වන සංවත්සර සංවිධායක කමිටුවේ ලේකම් එයාර් කොමඩෝර් වීපී බාලසූරිය, ගුවන් හමුදා පාපැදි සංචිතයේ ලේකම් එයාර් කොමඩෝර් එල්එම්එස්කේ ලීලාරත්න, ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න, ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන් කරුණාරත්න මහතා, ගුවන් හමුදා පාපැදි සංචිතයේ නිළධාරීන් සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි