ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් වු සිය 67 වන සංවත්සරය සමරයි
3:04pm on Thursday 8th March 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් වු සිය 67 වන සංවත්සරය 2018 මාර්තු මස 02 දින වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ  ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මුලස්ථානයේදි සමරන ලදි.

එහිදී සමාරමිභක උත්සවය ඇමතු ගුවන් හමුදාධිපතිතුමා එදා මෙදා තුල ගුවන් හමුදාව වෙනුවෙන් සිය ශක්තිය කැපකල හිටපු හමුදාපතිවරුන් හා දිවි පිදු හා තුවාල ලැබු රණවිරුවන් හා සිවිල් සේවක මහතුන් ගෞරවයෙන් සිහිපත් කරණ ලදි.

කොළඹ රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩා පිටියේ දි 67 වැනි සංවත්සරය සැමරුමි උත්සවය කොළඹ කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතාගේ මගපෙන්විමෙන් සංවිධානය කර තිබිණි. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරින්, කොළඹ කඳවුරේ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් හා සිවිල් සේවක මහතුන්ද මෙම සැමරුමි උත්සවය සඳහා සහභාගි වන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අම්පාර ගුවන් හමුදා කඳවුරේදී 2018 මාර්තු 03, 04 සහ 05 යන දිනවල   ප‍්‍රදර්ශනය හා සැණකෙළියක් පැවැත්විමට කටයුතු සුදානමි කර ඇති අතර මෙම අවස්ථාව මහජනතාවට කලාතුරකින් දක්නට ලැබෙන ප‍්‍රදර්ශනයක් වන අතර මෙය නැරඹිමට  මහජනතාවට නොමිලේ පිවිසිමට කටයුතු සුදානමි කර ඇත.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි