කොළඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය
8:16am on Thursday 24th January 2019
කොලඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය පසුගිය ජනවාරි මස 17 වන දින ඉතා සාර්තකව පවත්වන ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් සිදු කරන ලදී. 'ප්ලෑෂ් බෑග්' වාදක කන්ඩායමේ සංගීත ස්වරයෙන් හැඩ ගැන්වුණු ළමා සාදය එදින සවස 1500 පැයට පමණ ආරම්භ කරන ලදී.

මෙහිදී මැජික් සංදර්ශන සුනඛ සංදර්ශන ක‍්‍රීඩා ඉසව් ඇතුළු අංග රාශියක් කුඩා දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කර තිබිණි.වාර්ෂික කඳවුරු සාදයද එදින රාත‍්‍රියේ පවත්වන ලද අතර මේ සඳහා ජනපි‍්‍රය ගායක ගායිකාවන් රැසක් සහභාගී විය.

මෙහිදී ගුවන් හමුදාධිපති තුමන් අතින් විශේෂ තිළිණ කිහිපයක් පිරිනැමුණු අතර එම තිළිණ කොළඹ කඳවුරු හිටපු අණදෙන නිළධාරීන් කිහිපදෙනෙකු හට හා ළමා සාදය සඳහා අනුග‍්‍රහය ලබාදුන් කිහිපදෙනෙකුද විය.

ගුවන් හමුදාධිපති තුමන් අතින් විශේෂ තිළිණ ලද්දෝ

මාධව මඩවල මහතා - විධායක අධ්යක්ෂ  ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී දෙරණ
චෙවාන් ඩැනියෙල් මහතා - සමූහ අධ්යක්ෂ කැපිටල් මහරාජා ආයතනය
සුමේධ රත්නායක මහතා - නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ෙජනරාල්
එයාර් වයිස් මාර්ෂල් ආර්.ආර් දයාපාල
එයාර්  කොමඩෝර් ආර්.එම්.පී.එච් දසනායක
විංග් කමාන්ඩර් ආර්.එච් හුලංගමුව




Children's Parties and Annual Get Togethers of Other Air Force Establishment.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි