තොප්පිගල රණවිරු ස්මාරකය හා වික්‍රමාන්විත උරුමයේ උද්‍යානය විවෘත වේ
තොප්පිගල ඉදිකරන ලද රණවිරු ස්මාරකය හා වික්‍රමාන්විත උරුමයේ උද්‍යානය පසුගියදා (අපේ‍්‍රල් 18) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්ෂක ලේකම්වරයා පිළිගැනිමෙන් අනතුරුව එම රණවිරුවන් සිහි කිරීම පිණිස ඉදිකරන ලද රණවිරු ස්මාරකය අභියස ප්‍රථම මල් කළඹ තැන්පත් කර රට දැය බේරාගැනීම සඳහා ජීවිත පූජා කල එකී රණවිරුවන්ට උපහාර දක්වන ලදි. ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලි‍ස්පතිතුමා, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හා ඩිල්මා පෞද්ගලික ආයතනයේ සභාපතිවරයා විසින් ද මෙම ස්මාරකය අභිමුවෙහි මල් කළඹ තැන්පත් කර එම රණවිරුවන් ස්මරණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි