සර්ව රාත්‍රික පිරිත් දේශණයක් හා දානමය පිංකමක් මොරවැවදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ දස වන සංවත්සරය නිමිතිකොටගෙන සර්ව රාත්‍රික පිරිත් දේශණයක් හා සංඝයා වහන්සේ සිය නමක් සඳහා දානමය පිංකමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මොරවැව කඳවුරේදී පැවැත්විය.

 
පිරිත් මන්ඩපය වෙත කරඩුව වැඩම කරවීම වර්ණවත් පෙරහැරක් මගින් සිදු කළ අතර කරඩුව වැඩම කරවීම රෙජිමේන්තු විශේෂ බලකායේ අණ දෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩ්ර් ඩී පී ඩබ්ලිව් විමලවර්ධන විසින් සිදු කරන ලදී. මේ උත්සවය සඳහා නිලධාරීන් හා සෙසු නිලයන්ගේ පවුල් සාමාජිකයින් හා සේවයෙන් ඉවත් වූ රෙජිමේන්තු විශේෂ බලකායේ සාමාජිකයින් හා සියළු රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින් සහභාගී වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි