ගුවන් හමුදා මල්ලව පොර කණ්ඩායම ආභාධිත දරුවන්ට ආධාර කරයි
ගුවන් හමුදා මල්ලව පොර කණ්ඩායමේ සභාපති ගෲප් කැප්ටන් ප්‍රියන්ත වීරසිංහ ගේ මගපෙන්වීම යටතේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් හා එක්ව වයික්කාල අරුණෝදය පදනම ආභාධිත ළමා නිවාසයේ දරු දැරියන් සඳහා අවශ්‍ය උපකරණ හා ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගියදා සිදුකරන ලදී.

කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් හා එක්ව වයික්කාල අරුණෝදය පදනම ආභාධිත ළමා නිවාසයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර ඉන් අනතුරුව දරු දැරියන් සඳහා උදැසන සහ දිවා ආහාර ලබා දෙන ලදී.

මෙම සද්කාර්ය සඳහා ගුවන් හමුදා මල්ලව පොර කණ්ඩායමේ ලේකම් විංග් කමාන්ඩර් එරන්දික ගුණවර්ධන, උප ලේකම් විංග් කමාන්ඩර් නලින් වැවේකුඹුර සහ ගුවන් හමුදා මල්ලව පොර කණ්ඩායමේ සාමාජිකයින් සහභාගී වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි