වව්නියාව ගුවන් හමුදා කඳවුර 35 වන සංවත්සරය සමරයි
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩී කේ වනිගසූරියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් මස 27 වන දින කඳවුරේ 35 වන සංවත්සරය  අභිමානයෙන් සැමරීය.

කඳවුරු අණදෙන නිළධාරීතුමන් සම්ප්‍රධායානුකූලව සංවත්සර පෙළපාලියට සහභාගී වෙමින් එය පරීක්ෂාකර 35 වන සංවත්සරයේ ආරම්භය සනිටුහන් කලේය. කඳවුරේ සියළු සාමාජිකයින් එක්ව අරුගම්පුල්ලෙලිය පෙරපාසලේ සහ රබේකුලම පොදු සුසාන භුමියේ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරන ලදී. ඉන් අනතුරුව එම පෙරපාසලේ කුඩාදරුවන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වන ලදී.     

සුහදත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා තරගයක් සංව්ධානය කල අතර දිවා භෝජන සංග්‍රහය කඳවුරේ සියල්ලන්ගේම සහභාගීත්වයෙන් සිදු විය.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි