ගුවන් හමුදාව අසිරිමත් නත්තල අර්ථවත්ව සමරයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඒකල කොටුගොඩ ශාන්ත මාටින් වැඩිහිටි නිවාසයේදී මෙවර නත්තල් සමරන ලදී. අසිරිමත් නත්තල අර්ථවත් කරමින් සේවා වනිතා ඒකකය විසින් කාන්තා නිවාසයේ සිටින වැඩිහිටි කාන්තාවන් හා එක්ව නත්තල සැමරීම සිදුකරන ලදී.

ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී. මෙහිදී කාන්තා නිවාසයේ අළුත් වැඩියා කටයුතු සඳහා මූල්‍යමය ආධාර සහ සියළුම සාමාජිකාවන් හට ත්‍යාග පාර්සල් පිරිනැමීමක්ද මෙහිදි සිදු කරන ලදී.

මෙහිදී ආගමික මෙහෙයන් පැවැත්වීම ජූඞ් රංග පියතුමන් විසින් මෙහෙයවන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූවාය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි