හෙලිටුවර්ස් ගුවන් සේවය ටොන් 20ක බරක් ශ්‍රී පාද කඳු මුදුනට ගෙන යාමේ මෙහෙයුමක
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් ගුවන් ගමන් සේවය මගින් ශ‍්‍රී පංදස්ථායේ ඉහල මළුවේ තැන්පත් කිරීම සඳහා දොලොස් මහේ පහනක් සහ ඝණ්ඨාර කුළුනකට අවශ්‍ය ටොන් 20 ක පමණ ද්‍රව්‍ය ගෙන යාම සිදු කරමින් පවතී.  මේ සඳහා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් භාවිතා කරනු ලබයි.

මෙම භාණ්ඩ නල්ලතන්නියේ සිට ඉහල මළුව දක්වා ගුවනින් රැගෙන යාම සිදු කරනු ලබයි. අංක 6 බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කාලිංග මහීපාල මෙය මෙහෙයවනු ලබන අතර 42 කුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා යොදවා සිටියි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි