සේවා වනිතා ඒකකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක් නුවරඑළියේදී
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නුවරඑළිය ”මෙන්කැෆේප්” දිවා සුරැුකුම් මධ්‍යස්ථානයෙහි අලූතින් ඉදිකරන ලදි තරප්පු පෙළ සඳහා ආරක්‍ෂක වැට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය විසින් පසුගිය ජනවාරි මස 21 වන දින විවෘත කරන ලදී.

මෙම දිවා සුරැුකුම් මධ්‍යස්ථානයෙහි විවිධ ආබාධ සහිත දරු දැරියන් 140 ක් පමණ වාසය කරනු ලබනු අතර ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙයවීම මත පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරෙහි වැඩ සේවා අංශය විසින් මෙම ආරක්‍ෂක වැට ඉදිකරන ලදී.

ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුරෙහි අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජේ එම් සී ආර් ජයසුන්දර, ”මෙන්කැෆේප්” දිවා සුරැුකුම් මධ්‍යස්ථානයෙහි නිර්මාතෘ කි‍්‍රස් ස්ටබ්ස් මහතා, රන්ජි ස්ටබ්ස් මහත්මිය සහ කසුන් අබේවික‍්‍රම මහතා, ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ඇතුළු රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි