”විරු දරු තිළිණ” ත්‍යාග ප‍්‍රදානෝත්සවය
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සංවිධානය කරන ලද ගුවන් හමුදාවේ සේවයේ නියුතු සේවා පුද්ගලයින්ගේ සහ ගුවන් හමුදාවේ සේවයේ නියුතු සිවිල් පුද්ගලයින්ගේ විවිධ ආබාධ සහිත වූ දරුවන් වෙනුවෙන් පිරිනමනු ලබන ”විරු දරු තිළිණ” ත්‍යාග ප‍්‍රදානේත්සවය පසුගිය ජනවාරි 29 වන දි ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

විවිධ ආබාධ සහිත වූ දරු දැරියන් 107 දෙනෙකු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය අතින් ත්‍යාග ලබාගන්නා ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේ ඒ ගුණතිලක, ගුවන් හමුදා අද්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍සකවරුන්, සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන්, ගුවන් හමුදා නිළධාරීන්, නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි