කොළඹ රාජකීය විදුහලෙන් ගුවන් හමුදාධිපතිතුමන්ට උපහාර
කොළඹ රාජකීය විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකු වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හට රාජකීය විදුහල් ශිස්‍ය සංගමය මගින් උපහාර පිදීමක් හා සේව අගය කිරීමේ උත්සවයක් පසුගිය මාර්තු මස 06 වන දින කොළඹ 07  නවරඟහලේදී පවත්වන ලදි.

රාජකීය විදුහලේ දැනට ඉගෙනුම ලබන සිසුන්, ගුරු මහත්ම මහත්මීන්, විද්‍යාලයේ ගුවන් ශිෂ්‍යභට බලකාය, ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම විසින් මෙලෙස ගුවන් හමුදාධිපතිතුමන්ට උපහාර දක්වන ලදි. ශිෂ්‍ය භට බලකාය හා ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම විසින් උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදි.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් විද්‍යාලයේ අළුතින් පත්කරන ලද ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡුන පැළඳවීමද සිදු කරන ලදි.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි