නව නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
අළුතින් පත්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයනාත් පෙරේරා පසුගිය ජූලි මස 2 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය.

නාවික හමුදාධිපතිතුමන් වෙනුවෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී ආචාර පෙළපාලියක්ද පවත්වන ලදි. එසේම ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය හඳුන්වා දුන් අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි