
බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් සඳහා භූමි මෙහෙයුම් සහ ගුවන් ආරක්‍ෂණ මෙහෙයුම් ප‍්‍රවීනතා පාඨමාලාව 2014
ගුවන්
හමුදා දියතලාව සටන් පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ බංගලාදේශ ගුවන් හමුදා
සාමාජිකයින් සඳහා වූ භූමි මෙහෙයුම් සහ ගුවන් ආරක්‍ෂණ මෙහෙයුම් ප‍්‍රවීනතා
පාඨමාලාව පසුගියදා සිදු කරන ලදී. මෙම පාඨඹාලාව හැදෑරූ දෙවන කණ්ඩායම පසුගිය
ජූලි මස 4 වන දින තම පාටමාලාව සාර්ථකව නිමකරන ලදී. ගුවන් හමුදා පුහුණු
අධ්‍යක්‍සකතුමන්ගේ අනුදැනුම මත දියතලාව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්
ඩබ් ඩබ් පි ඞී ප‍්‍රනාන්දු සහ නිළධාරී අණදෙන පුහුණු ජී පී එන් සී පියසේන
විසින් පාඨමාලාව මෙහෙයවන ලද අතර පාඨමාලාව අපේ‍්‍රල් මස 28 වන දින සිට ජූලි
මස 4 වන දින දක්වා පවත්වන ලදී.
නිළධාරීන් හතරදෙනෙකු, කණිෂ්ඨ අධිකාරීනොලත් නිළධාරීන්
හය දෙනෙකු විසින් පාඨමාලාව මෙහෙයවන ලද අතර අවි පුහුණුව, පුද්ගලික සටන්
හැකියාව, ගුවන් හමුදා කඳවුරක භූමි මෙහෙයුම් හා ගුවන් මෙහෙයුම් යාන්ත‍්‍රණය,
බුද්ධි තොරතුරු, පොදු පුහුණුවීම් හා සටන් භූමියකදී සිදු කල යුතු
කි‍්‍රයාකාරකම් පිළිබඳව මෙහිදි පුහුණුව ලබා දෙන ලදි.

























