මොරවැව මහා අස්වනු නෙලීමේ මංගල්‍යය      
    මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් වගා කරන ලද කුඹුරු වල වී අස්වනු නෙලීමේ මහා මංගල්‍යය පසුගිය මාර්තු මස 11 වන දින කඳවුරු අණෙදන නිළධාරී විංග් කමාන්ඩර් ඒම්පීඒස් මාරප්පෙරුම, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. මෙවර කන්නයේදී මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් අක්කර 40 ක පමණ වී වගා කොට තිබේ.




















 
						
						
						
						
						
						
		






