ශී‍්‍ර ලංකා සේවා වනිතා ඒකකය හිගුරක්ගොඩ අනාථ ළමා නිවාසයකට අධාර ලබා දෙයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත හිගුරක්ගොඩ බෝසත් ළමා නිවාසයේ පාලිකාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම නිවාසයේ ළමුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම සදහා පරිඝණකයක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි. සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් පරිඝණකය පරිත්‍යාග කිරීම අද දින (2015 නොවැමිබර් මස 03)  එම ආයතන පරිශ‍්‍රයේදී පැවැත්වුණි. මීට අමතරව වියලි සලාක භාණ්ඩ බෙදා දීම මෙම අවස්ථාෙවිදී සිදු කරනු ලැබූ අතර බෞද්ධ සැදැහැවතුන් මෙම භාණ්ඩ ලබා ගැනීම සදහා දායකත්වය දැක්වූහ.

තවද සේවා වනිතා ඒකකයේ සභාපතිණිය අනාථ නිවාසයේ දරු දැරියන් සමග කාලය ගත කරමින් සුහද කතාබහකද නිරත විය.
 
මෙම අවස්ථාව සදහා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ වැඩ බලන අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් සනත් කලූබෝවිල සහ සේවා වනිතා ඒකක කාර්යාල කාර්්‍ය මණ්ඩලය ඇතුලූ පිරිසක් සහභාගී වුහ. 


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි