49 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය
49 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය 2015 නොවැම්බර් 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට්‍රා සිනමා ශාලාවේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් එල් ආර් ජයවීර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කෝඩිරන් ලීඩර් හා ෆ්ලයිටි ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 18 දෙනෙකුත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන් කමාණ්ඩර් හා ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 04 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කැප්ටන් නිළයේ  නිලධාරීන් දෙදෙනෙකු හා බංගලාදේශ ගුවන් හමුදාවේ එක් නිළධාරියෙකුත් මෙම පාඨමාලාව හදාරන ලදී.

මෙම පාඨමාලාවේ සදහන් සියලූම නිර්ණායකයන් සමිපූර්ණ කල නිළධාරීන් හට කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක කළමණාකරණය පිලිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ප‍්‍රදානය කරන ලදී.

සති 14 කපමණ කාළයක් වූ මෙම පාඨමාලාව මගින් ගුවන් හමුදාවේ නිළධාරිවරයෙකු වශයෙන් තම කාර්‍ය නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම සිදු කරනු ලබයි. මෙහිදී සේවා දැනුමට අමතරව ඉංගී‍්‍රසි හා පරිඝණක දැනුම කථන හැකියාවන් පරීක්‍ෂණය විවිධ බාහිර ආයතන වෙත අධ්‍යාපන සංචාර කි‍්‍රඩා ශාරීරීක යෝග්‍යතා පරීක්‍ෂණ සිදු කරන ලදී.

පාඨමාලා කාලය තුල ශාරීරික යෝග්‍යතාවයට මුලික තැනක් ලබා දීම සදහා ශාරීරික යෝග්‍යතා පුහුණුවීමි හා සමුහ කි‍්‍රඩා තරග ඇතුලත් කර තිබූ අතර එය ඉදිරි ජීවිතයේ දෛනික රාජකාරි කරගෙන යාම පහසු කරවීමට හොද ආරම්භයක් විය.

පහත දැක්වෙන නිලධාරීන් උපාධි ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මාන ලැබීය.

සෑම අතින්ම දක්‍ෂතම නිළධාරියා
ස්කෝඩිරන් ලීඩර් ටන්ජිඩ් මොස්ටෆා (බීඩී/9368) පොදු රජකාරි ගුවන් නියමු (බංග්ලාදේශ ගුවන් හමුදාව)

හොඳම පොත් සමාලෝචකයා
ස්කෝඩිරන් ලීඩර් එස් එච් එස් පී එල් ද සිල්වා (02433) තාක්ෂනික ඉංජිනේරු

හොඳම ක්‍රීඩකයා
ෆ්ලයිටි ලෙෆ්ටිනන් යූ කේ එල් මහානාම (02587) ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු

කළමනාකරණ අධ්‍යයන විශිෂ්ටයා
ස්කෝඩිරන් ලීඩර් ටන්ජිඩ් මොස්ටෆා (බීඩී/9368) පොදු රජකාරි ගුවන් නියමු (බංග්ලාදේශ ගුවන් හමුදාව)

හොඳම කථිකයා

ස්කෝඩිරන් ලීඩර් ටන්ජිඩ් මොස්ටෆා (බීඩී/9368) පොදු රජකාරි ගුවන් නියමු (බංග්ලාදේශ ගුවන් හමුදාව)

හොඳම ශාස්ත්‍රාඥයා
ස්කෝඩිරන් ලීඩර් එස් ආර් බී ඒ එම් ඒ මධුරසිංහ (02626) විදුලි ඉංජිනේරු

අතිරේක විස්තර - දක්ෂතම නිලධාරීන්
1 වන ස්ථානය - ස්කෝඩිරන් ලීඩර් ටන්ජිඩ් මොස්ටෆා (බීඩී/9368) පොදු රජකාරි ගුවන් නියමු (බංග්ලාදේශ ගුවන් හමුදාව)
2 වන ස්ථානය - ස්කෝඩිරන් ලීඩර් එස් එච් එස් පී එල් ද සිල්වා (02433) තාක්ෂනික ඉංජිනේරු
3 වන ස්ථානය - ෆ්ලයිටි ලෙෆ්ටිනන් ආර් ආර් පී ඩබ් ආර් තිලකරත්න (02864) පොදු රජකාරි ගුවන් නියමු
4 වැනි ස්ථානය - ස්කෝඩිරන් ලීඩර් එස් ආර් බී ඒ එම් ඒ මධුරසිංහ (02626) විදුලි ඉංජිනේරු
5 වැනි ස්ථානය - ස්කෝඩිරන් ලීඩර් ඒ එම් එස් කේ ඒ සමරකෝන් (02431) සැපයුම්


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි