කඳවුරු අණදෙන නිලධාරීන් සහ අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ වර්ධන වැඩසටහනක්
කඳවුරු අණදෙන නිළධාරීන් සහ අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ තුන්වන පරිපාලන සහ කළමණාකරන වර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය අපේ‍්‍රල් මස 27 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන අපේ‍්‍රල් මස 25 වන දින සිට අපේ‍්‍රල් මස 27 වන දින දක්වා පවත්වන ලදි.

කඳවුරු අණදෙන නිළධාරීවරුන්ගේ සහ අණදෙන නිළධාරීවරුන්ගේ පරිපාලන සහ කළමණාකරන හැකියාවන් වර්ධනය කරවීම මෙම අද්‍යයන වැඩසටහනෙහි අරමුණ විය. එමගින් ආයතනිකව සහ පරිපාලන පරිසරයන්ගේ  ඕනෑම අභියෝගයකට මුහුණු දීමේ හැකියාව වර්ධනය කරවීම අරමුණු වෙයි.මෙමගින් ඔවුන්ගේ උපාය මාර්ගික තීරණ ගැනීම සහ විධානයන් වැඩිදියුණු කිරීමද සිදුවේ.

 එසේම මෙහිදී කඳවුරු අණදෙන නිළධාරීවරුන් සහ අණදෙන නිළධාරීවරුන් ඔවුන් එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය. මෙම පුහුණු සැසිය තුළදී, දේශන සහ විෂයයන් නිසි උපදේශකයින් විසින් ඵලදායී සාකච්ඡුා සැසි  උපයෝගී කරගනිමින් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි