සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය වෙසක් උත්සවය සමරයි
සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය 2016 වසරේ වෙසක් උත්සවය පසුගියදා සමරන ලදී. මෙහිදී විවිධ ජාතීන් නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුක්තව සිටින පිරිස් හට ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් විදහා දක්වන විවිධ නිර්මාණයන් ඉදිරිපත් කරන ලදී. 

වෙසක් කූඩු සහ වෙසක් නිර්මාණයන්ගෙන් සමන්විත වූ මෙම වෙසක් කලාපයඅලංකාරවත් ලෙස සැරසිලි යොදා විදුලි ආලෝකයෙන් ආලෝකමත් කෙට පැවතිණි.

මෙහි නිර්මාණය කර තිබූ බෞද්ධ පන්සල සියළු දෙනාගේම අවධානයට යොවු වූ අතර එහි දාගැබ මධ්‍යයේ කැරකෙන නෙළුම් මලක් මත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබිණි. ඉවතලන එන්නත් කුප්පි යොදා ගනිමින් නර්මාණය කරවන ලද රුවන්වැලි මහා සෑයේ අනුරුවද බෙහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ නිර්මාණයක් විය. 

ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ”ගිනි නැට්ටුවන්” ගේ නර්තනයන් නරඹන අතරතුර ලබාදුන් දන්සැල ශ‍්‍රී ලංකාවේ ආගන්තුක සක්කාරය පිළිබඳව මනා ප‍්‍රතිරූපයක් ගොඩනංවන්නට සමත්වූ අවස්ථාවක් විය.

හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විසින් කරන ලද ආරාධනයකට අනුව සුඩානයේ නැගෙනහිර කලාප කාර්යාලයේ ප‍්‍රධානී ඔයුමාර් බා  මහතා විසින් වෙසක් කලාපය ආලෝකමත් කරමින් විවෘත කරන ලදී. ඔයුමාර් බා මහතා විසින් සුඩානයේ සියළුම එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණී, සහ සිවි්ල් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි