
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ගුවන් හමුදා කොග්ගල කදවුරේ සංචාරයක
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය 2016
ඔක්තෝම්බර් මස 25 වන දින ගුවන් හමුදා කොග්ගල කදවුරෙහි සංචාරයක නිරත විය.
ගුවන් හමුදා කොග්ගල කදවුරු අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් සී වික්‍රමරත්න
මහතා විසින් රණවිරු ස්මාරකය වෙත පැමිණි නියෝජ්‍ය මහ කොමසාරිස්තුමිය
ගෞරවයෙන් පිළිගන්නා ලදී. රාජකීය ගුවන් හමුදාවේ මූලස්ථානයක් ලෙස සැලකෙන
කෝග්ගල ගුවන් හමුදා කදවුරෙහි පිහිටි මෙම දෙවන ලෝක යුධ රණවිරු ස්මාරකය වෙතට
පැමිණි නියෝජ්‍ය මහ කොමසාරිස්තුමිය දෙවන ලෝක යුධ සංග්‍රාමයේදී මියගිය
රණවිරුවන් හට ගෞරව කරමින් ස්මාරකය වෙත මල්වඩමක් ද පිදීය. ඉන්පසුව එතුමිය
කොග්ගල කදවුරෙහි ඇති ඓතිහාසික ලියවිලි හා ලෝක යුද්ධයේ දායකත්වයන් නිරූපනය
කරන පින්තූර නැරඹීමට ද එක් විය.




