අන්තර් ඒකක වූෂූ තරගාවලිය - 2016
අන්තර් ඒකක වූෂූ තරගාවලිය 2016 ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු රෙජිමේන්තු පක්ෂාංගය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශයේ ශූරතාවයන් හිමි කර ගනිමින් 2016 දෙසැම්බර් මස 09 දින තුම්මුල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමා විය.

තරගාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල් කණ්ඩායම පිරිමි අනුශූරතාවය හිමි කර ගත් අතර රත්මලාන ගුවන් හමුදා කදවුර කාන්තා අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ද සොයිසා මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජාතික වූෂු පදනමේ විධායක අධ්‍යක්ෂක මානෙල් ධර්මකීර්ති මහතා, ඇතුළු ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා වූෂු සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ජානක කරුණාරත්න ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි