ගුවන් හමුදා අංගම්පොර සංචිතය 4 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙත අංගම්පොර පාරම්පරික සටන් කලාව හදුන්වාදී හතරවන වසර සපිරීම නිමිත්තෙන් ඊට සමගාමීව ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම ඉදිරිපත් කල අංගම්පොර සංදර්ශනයක් ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල් පරිශ‍්‍රයේදී 2016 දෙසැම්බර් මස 10 වන දින පැවැත්විණි. මෙය දේශීය කලා ඉතිහාසය තුළ මෙන්ම ගුවන් හමුදා අංගම්පොර ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක් සනිටුවහන් වූ අතර සංවත්සරය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙහිදී ගුවන් හමුදා රෙජිෙමේන්තූ විශේෂ බලකායේ හා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ සෙබලුන් විසින් අංගම් හා ඉලංගම් ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කරන ලදී. එසේම අංගම්මැඩිල්ල හා රණපිල පරම්පරාවේ ප‍්‍රධාන ගුරු උපදේශක දේශමාන්‍යය ආචාර්ය අජන්ත මහන්තආරච්චි මහතා ඇතුලු කණ්ඩායම විසින් අංගම්පොර සංදර්ශනයක්ද ඉදිරිපත් කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සංචිතයේ සභාපති සහ ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කැමිලස් ලැබිරෝයි නිළධාරීන් සහ සෙසු නිළයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි