ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය 2017
ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය 2017 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා එ්කල කඳවුරේදී අවසන් විය. මෙම බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායන කඳවුරු රෙජිමේන්තු පක්ෂාංග කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සම ශූරතාවය දිනාගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.
මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු තාක්ෂණික පක්ෂාංග කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු කණ්ඩායම පිළිවෙලින් පිරිමි හා කාන්තා අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
තවද ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ නායක ගුවන් භට විජේතිලක හොඳම බර උසුලන්නා ලෙසද ගුවන් කාන්තා පෙරේරා හොඳම බර උසුලන්නිය ලෙසද සම්මාන ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ජානක අමරසිංහ ඇතුළු නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද එක්ව සිටියහ.