ගුවන් හමුදාව සහ යුධ හමුදාව අන්තර් සේවා මාර්ග ධාවන තරඟ කාන්තා පිරිමි ශූරතා දිනයි
2010 අන්තර් සේවා තරඟාවළියේ මාර්ග ධාවන තරඟයේ කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට හා පිරිමි ශූරතාවය යුධ හමුදාවට හිමි කර දෙමින් අද (21) උදෑසන පනාගොඩදී නිමාවට පත්විය.

උදෑසන 6.30 පනාගොඩ යුධ හමුදා කඳවුර ඉදිරිපිටින් ආරම්භ කරන ලද මාර්ග ධාවන තරඟය අතුරුගිරිය හරහා මාලඹේ දක්වා ගොස් නැවත පනාගොඩ යුධ හමුදා කඳවුර දක්වා කි.මී. 21 ක දුරකින් යුක්ත විය.

පිරිමි තරඟයේ ජයග‍්‍රහණය පැය 01 විනාඩි 07 තත් 29 තරඟය නිමා කල යුධ හමුදාවේ එස්/578409  සෙබල බන්ඩාර එච්.ආර්.එන්.වී. හිමිකරගත් අතර කාන්තා තරඟයේ ජයග‍්‍රහණය පැය 01 විනාඩි 23 තත් 05 කින් තරඟය නිම කල ගුවන් හමුදාවේ ඒ.ඩබ්. 01349 ගුවන් කාන්තා දීපානි එම්.ඒ.ආර්. හිමි කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට යුධ හමුදා මලල ක‍්‍රීඩා ලේකම් මේජර් මංජුල පෙරේරා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

පිරිමි තරඟයේ තරඟ ප‍්‍රථිපල
            
පළමු ස්ථානය
සෙබල
බන්ඩාර එච්.ආර්.එන්.වී.
යුධ හමුදාව
දෙවන ස්ථානය
සෙබල
එල්බී සෝමරත්න
යුධ හමුදාව
තුන්වන ස්ථානය
ගුවන් භට
ප‍්‍රනාන්දු ඩබ් ජී
ගුවන් හමුදාව
හතරවන ස්ථානය
කෝප‍්‍රල්
ක‍්‍රිස්ටෝපර්පෝල්
ගුවන් හමුදාව
පස්වන ස්ථානය
සැරයන්
චන්ද්‍රපාල ඩබ්
යුධ හමුදාව

 කාන්තා තරඟයේ තරඟ ප‍්‍රථිපල
             
පළමු ස්ථානය
ගුවන් කාන්තා
දීපානි එම්.ඒ.ආර්.
ගුවන් හමුදාව
දෙවන ස්ථානය
ගුවන් කාන්තා
දර්ශිකා පී.ඞී.ජී
ගුවන් හමුදාව
තුන්වන ස්ථානය
ගුවන් කාන්තා
මධුෂානි ඞී.ඒ.සී
ගුවන් හමුදාව
හතරවන ස්ථානය
කාන්තා සෙබල
මධුකා කුමාරි කේ.පී.එස්
යුධ හමුදාව
පස්වන ස්ථානය
ගුවන් කාන්තා
මල්කාන්ති ඒ.එම්.ඞී.
ගුවන් හමුදාව



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි